077 565 3100 076 398 7504 info@suwasamadhi.lk

සුව සමාධි

දේශීය ඖෂධාගාරය

About Us

අපගේ ඉතිහාසය සහ දැක්ම

About Us

වෛද්‍ය සේවාව

හෙළ වෛද්‍ය ශාස්ත්‍රය මිනිසාගේ ආරම්භයේ සිටම පැවතෙන වසර දහස් ගණනක් පැරණි, අපගේ සංස්කෘතිය සමග බද්ධ වූ සුවකිරීමේ විද්‍යාවකි. පුරාණ පුස්කොල පොත් මෙන්ම පරම්පරා උරුමයෙන් උගත් හෙළ වෛද්‍ය ක්‍රමය, භාවනාව මගින් රෝගියාට ආවේනික බෙහෙත් වර්ග භාවිතයන් ප්‍රියන්ත ප්‍රේමතිලක මහතාගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යන අප ආයතනය මගින් රෝගීන්ට නිවැරදි හා ගුණාත්මක ඖෂධ ප්‍රතිකාර ලබා ගත හැක.

ඔබගේ සියලු ශාරීරික හා මානසික රෝගාබාධ සදහා ඉපැරණි වට්ටෝරු අනුව සැකසූ තෙල්, කසාය, ගුලි වර්ග මෙන්ම නවීන ආකාරයට සකස් කළ ඖෂධීය පාන වර්ග අප සකස් කරයි. මෙම නිෂ්පාදන භාවිතයෙන් නීරෝගී ශක්තිමත් ජීවිතයක් ගත කිරීමට උපකාර කිරීම අපේ අරමුණයි.

පාරම්පරික
හෙළ වෛද්‍ය සේවාව
විශ්වාසනීය
ගුණාත්මක ඖෂධ

අපගේ දැක්ම

ලොව පුරා විසිරී සිටින සියලු පුද්ගලයන්ට විශ්වාසනීය, නිවැරදි හා විද්‍යාත්මක හෙළ වෛද්‍ය සේවාවක් ලබා දීම.

අපගේ මෙහෙවර

පාරම්පරික හෙළ වෛද්‍ය ශාස්ත්‍රය ආරක්ෂා කරමින්, උසස් ප්‍රමිතියෙන් යුතු ඖෂධ නිෂ්පාදන පරිහරණය කිරීම තුළින් ජනයාගේ නීරෝගී භාවය පවත්වාගෙන යාමට උදව් කිරීම.